
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගය දෙකට බිංදුවක් ලෙස, තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයගන්නට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (30) පැවැති දෙවැනි පන්දුවාර විස්ස තරගය ලකුණු 45කින් ජයගනිමිනි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තේය.
ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 48ක් සහ පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart