
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තය ඩුබායිහිදී දකුණු අප්‍රිකාව පරාජය කරමින් 2024 ICC කාන්තා T20 ලෝක කුසලානය දිනාගැනීමට විශිෂ්ට සංදර්ශනයක් ක්‍රියාත්මක කළේය.
අමෙලියා කෙර්ගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඊයේ පස්වරුවේ පැවැති අවසන් මහා තරගයේදී මෙලෙස දකුණු අප්‍රිකාව ලකුණු 32 කින් පරදවා නවසීලන්තයට ඔවුන්ගේ පළමු කාන්තා T20 ලෝක කුසලාන ශූරතාව දිනාගැනීමට හැකිවිය.
නවසීලන්තය සිය ඕවර 20 තුළදී ලකුණු කදුලු 5කට ළකුණු 158ක් රැස්කළ අතර, අප්‍රිකාව ලකුණු 126කට සීමාකිරීමට සමත්විය.
2010 අවසන් මහා තරගයේදී නවසීලන්ත පිල ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තුනකින් පරාජයට පත්වී වසර 14කට පසුව මෙම ජයග්‍රහණය වාර්තා විය. ඔවුන් 2009 ශූරතා තරගයේදීද එංගලන්තය හමුවේ පරාජයට පත්විය.
පසුගිය වසරේ කේප්ටවුන්හිදී ඕස්ට්‍රේලියාව හමුවේ පැවැති අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාවද පරාජයට පත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart