
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය හමුවේ ලකුණු 149ක ජයක් හිමිකරගත් නවසීලන්තය එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ, අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබාගැනිමේ මාවත තවදුරටත් තහවුරු කර ගනිමිනි.
ඒ අනුව, ඇෆ්ගනිස්තානය පරාජය කරමින් තරගාවලියේ අඛණ්ඩව 04වැනි ජයග්‍රහණයට නවසීලන්තය හිමිකම් කිවේය.
චෙන්නායි හි පැවැති තරගයේ, පළමුව පන්දුවට පහරදෙමින් නවසීලන්තය පන්දුවාර 50 තුළ ලකුණු 286ක් ලබාගත්තේ කඩුලු 06ක් බිඳවැටී තිබියදීය.
ග්ලෙන් පිලිප්ස් ලකුණු 71ක් සහ නායක ටොම් ලැතම් ලකුණු 68ක් ලබාගත්හ.
නවසීලන්තය ජයගත් පළමු තරග තුනේදී ආරම්භක පිතිකරණය සාර්ථක වු නමුත් මෙම තරගයේදී එය අසාර්ථක වූ අවස්ථාවේ, කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා ගෙනයෑමට ලැබුණු වගකීම නායක ලැතම් සහ පිලිප්ස් ඉටුකරනු ලැබූහ.
කෙසේවෙතත් , එංගලන්තය හමුවේ පෙරළිකාර ජයක් වාර්තා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 04ක් තුළ සියලුදෙනා දැවි ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart