
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීස් කේක් පෙත්තකට වස පොවා කාන්තාවක මරණයට පත්කිරීමට උත්සාහ කළ රුසියානු කාන්තාවකට එක්සත් ජනපද අධිකරණයක් වසර 21ක සිර දඬුවමක් පනවා ඇත. වික්ටෝරියා නසිරෝවා (Viktoria Nasyrova) නැමති කාන්තාව මෙලෙස ඝාතන චෝදනා ලබා තිබේ. ඇය 2016 අගෝස්තු 28 වන දින ඇයගේ රූපලාවන්‍ය ශිල්පිනිය වන ඔල්ගා ට්ස්වික් (Olga Tsvyk) හට විෂ සහිත චීස්කේක් පෙත්තක් ආහාරයට ගැනීමට සලස්වා තිබේ. නසිරෝවා විසින් මෙම ඝාතනය සිදුකිරීමට උත්සහ කර ඇත්තේ තමාගේ පෙනුම ඔල්ගාට සමාන ආකාරයෙන් සකසාගෙන, ඔල්ගා ලෙස පෙනීසිටීමටය. නැතිනම් ඔල්ගාගේ අනන්‍යතාව සොරකම් කිරීමටය.
මිනීමැරීමට තැත් කළ දිනයේ නසිරෝවා චීස්කේක් පෙට්ටියක් රැගෙන ක්වීන්ස් හි ට්ස්වික් මහත්මියගේ නිවසට ගොස් ඇති අතර, කේක් කෑලි දෙකක් තමා විසින්ම අනුභව කර, තුන්වන, විෂ පෙත්ත එවකට 35 හැවිරිදි වින්දිතයාට ලබාදී ඇත. එහිදී වමනය කකිරීමට පටන්ගෙන ඇති ඔල්ගාට පසුව හෘදයාබාධයක් වැළඳී තිබේ. කෙසේහෝ දිවි බේරාගැනීමට සමත්ව ඇති ඔල්ගා පසුව ක්වීන්ස් අධිකරණය හමුවේ නසිරෝවාට එරෙහිව නඩු පවරා ඇත.
නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට අනුව ක්වීන්ස් අධිකරණ විනිසුරු කෙනත් හෝල්ඩර් පසුගිය බදාදා නඩුවේ තීන්දුව ලබාදෙමින් නසිරෝවා හඳුන්වා ඇත්තේ “අතිශයින් භයානක කාන්තාවක්” ලෙසිනි. ඇය බන්ධනාගාරයෙන් නිදහස් වූ පසුවද තවත් වසර පහක කාලයක්, අධිකරණයේ අධීක්ෂණයට ලක්වන බවද විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart