
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමැති මණ්ඩලයේ එකඟත්වයෙන් පසු එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව දී තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය,
“මේ වන විට රජය විසින් උරුමය සහ අස්වැසුම ඇතුළු වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නඟා තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක්ම මේ වන විට ආරම්භ කර තිබෙනවා. විමධ්‍යගත ප්‍රතිපාදන හරහා ගමේ, නගරයේ යළි සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ජනතාවගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට හැකි වී ඇති මේ අවස්ථාවේ දී අප හැමෝම අපගේ රාජකාරිය ඉටුකළ යුතුයි.
අප මෙම අමාත්‍යාංශ බාර ගන්නා විට රටේ ගැටලු රැසක් ඇති වී තිබුණා. නමුත් මේ වන විට අප ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදුකළ නොහැකි අවස්ථාවක වුවද ග්‍රාමසේවා වසම් 1942ක් සඳහා නව නිලධාරීන් පත් කිරීමට ද කටයුතු කළා. මේ වන විට ඔවුන් සඳහා වන පුහුණු වීම් කටයුතු සිදුකරමින් පවතිනවා.
ඒ වගේම ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒ සඳහා ඉදිරිපත් කළ නව සේවා ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නම් සංශෝධන ඇති කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙනවා.
ග්‍රමසේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පැවති සමයේ ආපදා තත්ත්වයක් ඇති වුණා. නමුත් දිවයිනේ බහුතර ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම අවස්ථාවේ ඉදිරිපත් වී තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම සම්න්ධයෙන් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
එමෙන්ම දිවයින් පුරා ග්‍රාමීය ආහාර සුරක්ෂිතා කමිටු සහ පෝෂණ කමිටු නිර්මාණය කර ඒ හරහා සුරක්ෂිත ආහාර වේලක් ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart