
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික සහාය ඇතිව දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය සහ ප්‍රතිසන්ධානයට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ජාතික ජන බලවේගය පාලනය යටතේ ශ්‍රී ලංකාව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ.
එවන් පසුබිමක් තුළ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල්වල් කිහිපයක කණ්ඩායමක් මෙවර සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ද ඉදිරිපත් කරන බව පැවසේ.
එම කණ්ඩායමට අයත් අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවයි.
බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ සහාය ලබන, අතීත නිර්දේශ මත ගොඩනගා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පුළුල් ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියකට ප්‍රමුඛත්වය දෙන ලෙස එම කණ්ඩායම දැනටමත් රජයෙන් ඉල්ලා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ඉකුත් ජූනි 23 සිට 26 දක්වා මෙරට සිව්දින නිල සංචාරයක නිරත වූ අතර, එය 2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි.
මහකොමසාරිස් ටර්ක් සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිනි අමරසූරිය ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාව තුළ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික නීතිමය විකල්පයන් භාවිත කිරීම සලකා බලන ලෙස ටර්ක් එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ අපක්ෂපාතීත්වය, අන්තර්ජාතික විශේෂඥතාව ලබාගැනීම සහ එහි විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා අධීක්ෂණය කිරීම ඇතුළුව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුගත වෙමින් යුක්තිය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
විදේශ අමාත්‍යාංශය මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා සූදානම් වෙමින් සිටින අතර අමාත්‍ය විජිත හේරත් මෙවර ඊට සහභාගි වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට රජය විරුද්ධ නොවන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
කෙසේවෙතත් අමාත්‍යංශ මූලාශ්‍ර පවසන්නේ, ඉදිරිපත් කිරීමට සූදානමින් ඇති යෝජනාව සඳහා රජය සම-අනුග්‍රහය නොදක්වන බවයි.
ගැටුමට වඩා අන්තර්ජාතික ප්‍රජාව සමඟ සම්බන්ධවීමට උත්සාහ කරන බවත්, යෝජිත ත්‍රස්ත විරෝධී නීතියේ කෙටුම්පත ක්‍රියාත්මක වන බවත්, එය උතුරේ සිවිල් වැසියන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේ දිශාවට පියවරක් වනු ඇති බවත්, සත්‍ය සෙවීම සහ යුක්තිය වෙනුවෙන් පියවර ගන්නා බවත් රජයේ ස්ථාවරය බව අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම වසරේ සැසිවාරය සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart