December 17, 2025

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කර ඇති බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ ආර්. ද අල්විස් ද කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වේ.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39-1 වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම පත්වීම් සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.