
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ අක්කර 200ක භූමියක නව බන්ධනාගාරයක් ඉදිකරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පැවැසීය.
මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට බන්ධනාගාර පවත්වා ගෙනයෑමේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර, එය කිසිසේත්ම සමාජයේ කතාබහට ලක් වී ඇති පරිදි මුදල් ගෙවා වෙනම සිර මැදිරි වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදෙන ආකාරයේ කටයුත්තක් නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
හෙතෙම මෙම අදහස් පළකළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ(10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රාජ්‍ය ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“මේ වන විටත් බෝගම්බර බන්ධනාගාරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවසන්. ඒ වගේම බොරැල්ල බන්ධනාගාරය පිහිටි භූමියේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32කට අධිකයි. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට හොරණ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 200ක භූමියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබෙනවා. එහි බන්ධනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 18කට නොවැඩි ව්‍යාපෘති වාර්තා කැඳවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව බන්ධනාගාරය දැනට ඇති බන්ධනාගාරය මෙන් හතර ගුණයක් පමණ විශාලයි. මීට අමතරව එළිමහන් බන්ධනාගාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වරදකරුවන් සඳහා ජියෝ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා.
මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම පිළිබඳ ක්‍රමවත්, නීත්‍යනුකූල, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ආකාරයේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ප්‍රභූ පැළැන්තියට මුදල් ගෙවා සිර මැදිරි ලබා ගැනීමට අවස්ථාව සැළසෙනවා යන කතාවට වඩා වෙනස් ක්‍රියාවලියක් බව කිව යුතුයි. කෙසේ වුවත් මහා භාණ්ඩාගාරයට බරක් නොමැතිව බන්ධනාගාර පවත්වා ගෙන යාම සඳහා වන වැඩ පිළිවෙළ ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart