December 20, 2025

අලුතින් සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික නීතිඥයන් 500කට වැඩි පිරිසකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවත්වන ලද වැඩසටහනක් හරහා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නඩු විභාග උපදේශනය සහ අපරාධ නීතියේ යහ පිළිවෙත් පිළිබඳ පුහුණුව ලබා දී තිබේ.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ මෙම වැඩසටහන නව නීතිඥයන්ගේ නීති අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ බවයි.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ විදේශ නඩු පවරන්නන්ගේ සංවර්ධන, සහාය සහ පුහුණු කාර්යාලය (OPDAT) යටතේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

තානාපති කාර්යාලයට අනුව, මෙම පුහුණුව එක්සත් ජනපද-ශ්‍රී ලංකා නීති සහයෝගීතාවයේ කොටසකි.

එය දෙරටේම ආරක්ෂාවට සහ ආර්ථික සමෘද්ධියට තර්ජනයක් වන අන්තර්ජාතික අපරාධ සහ අපරාධ ජාල ආමන්ත්‍රණය කිරීම අරමුණු කර තිබේ.

නව නීතිඥයන් අධිකරණ ක්ෂේත්‍රයේ අනාගතය බවත් අඛණ්ඩ නීති අධ්‍යාපනය නීති භාවිතයේ ප්‍රධාන අංගයක් බවත්එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.