
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන ප්‍රධානීන් වෙනස් කිරීමට නව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි දිනවලදී විසුරුවා හැරීමට නියමිතය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා නව සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) නව ප්‍රධානියෙක් පත්කිරීමට නියමිතව ඇති අතර, තවත් ඉහළ තනතුරු කිහිපයක් වෙනස් කිරීමට නියමිතය.
බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා ගැනීම, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම සහ විෂමතා සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පැවැසෙන පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart