
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව සම්පාදනය කර ඇති නව ත්‍රස්ත මර්දන නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී +(GSP+) සහනය අහිමිවිය හැකි බව යුරෝපා කොමිසමේ ඉහළ පෙළේ නියෝජිතයෙක් පෙන්වාදෙයි.
යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පෝලා පැම්පලෝනි (Paola Pampaloni) පවසන්නේ කෙටුම්පත් නීති කෙටුම්පතේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය වෙනස් කළ යුතු බවයි. ඇය මේ බව අන්දහන් කර ඇත්තේ, මේ සතිය මුලදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පැවති ඒකාබද්ධ කොමිසමට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඩේලි එෆ්ටී(Daily FT) පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව ලබන වසරේදී GSP+ සහනය සඳහා නැවත අලුතින් අයැදුම් කළයුතු අතර, එසේ අයැදුම් කිරීමට ශ්‍රී ලංකාව සැබවින්ම අපේක්ෂා කරන්නේ නම්, නව ත්‍රස්තවාදය පිළිබඳ මනත් කෙටුම්පත අනිවාර්යයෙන් වෙනස් කළයුතුව ඇති බව පෝලා පැම්පලෝනි එහිදී පෙන්වාදෙයි.
යුරෝපා සංගමය විසින් ලබාදී ඇති වත්මන් GSP+ සහනය මෙම වසරේ අවසන් වන අතර, 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් නැවත අයැදුම් කළයුතුව ඇත.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම හෝ ඒ වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන බවට වූ පොරොන්දුව මත අපි 2017 දී මෙම පහසුකම නැවත ලබා දීමට තීරණය කළෙමු. නව ත්‍රස්ත විරෝධී පනතේ පිටපතක් අපට ලැබී ඇති අතර, නව නීතිය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මම යෝජනා ගණනාවක් ඉදිරිපත් කළෙමි. නව පනතේ වෙනස් කිරීමට අප නිර්දේශ කරන ප්‍රධාන කරුණක් වන්නේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයයි. GSP+ සහනය සඳහා නැවත අයදුම් කිරීමට රට සැබවින්ම උනන්දුවක් දක්වන්නේ නම්, කෙටුම්පත් වෙනස්කම් සිදු කිරීමට සහ ශ්‍රී ලංකාවේ හා අන්තර්ජාතික ප්‍රජාව, සිවිල් සමාජය සහ වෙනත් පාර්ශ්වකරුවන් සමඟ විවෘතව සාකච්ඡා කරන ලෙස අපි රජයට නිර්දේශ කරමු.” යැයි පෝලා පැම්පලෝනි එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart