
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාල අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඕලි එම ධූරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, Gen Z විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩාවැදී එම පරිශ්‍රයේ ඇති එක් ගොඩනැගිල්ලකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
එමෙන්ම විරෝධතාකරුවන් භක්තාපූර්ගේ බල්කොට් ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය ඔලිගේ නිවසට සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් පිරිසකගේ නිවෙස්වලට ද ගිනිතබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එලෙස ගිනිතැබූ නිවෙස් අතරට හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලෙඛාක්ගේ නිවස ද අයත් බව පැවසේ.
තැන තැන සිදුවූ ගිනි තැබීම් මධ්‍යයේ අගනුවර පුරා විහිදුනු කළු දුමාරය මැදින් දහස් ගණන් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදුණු අයුරු විදෙස් ජන්මාධ්ය වාර්තා කර ඇත.
ගොඩනැගිල්ල ගිනි ගනිමින් තිබියදීත් විරෝධතාකරුවන් දහස් ගණනක් එම ප්‍රදේශයේ ධජ ඔසවමින් විවිධ සටන් පාඨ කියමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි බව ද එම දර්ශනවලින් දැක්වේ.
ඔවුන් නේපාලයේ මධ්‍යම පරිපාලන සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වීමේදී ගේට්ටුවට ගිනිතබා ඇති බවද වාර්තා වේ.
Gen Z විරෝධතාකරුවන් නේපාලයේ කත්මන්ඩු අගනුවර හරහා “දූෂිත නායකයින්ට එරෙහිව පියවර ගන්න” වැනි සටන් පාඨ කියමින් ගමන් කරමින් සිටින බව ද වාර්තා වේ.
ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි 26 ක් තහනම් කිරීම නේපාල රජයට එරෙහි මෙලෙස විරෝධතා ආරම්භ කිරීමට හේතු විය.
විරෝධතා පසුව ප්‍රචණ්ඩකාරී තත්වයක් දක්වා වර්ධනය වූ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර හට ගත් ගැටුම් හමුවේ පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තවත් 300 කට අධික පිරිසක් ද තුවාල ලබා ඇත.
විරෝධතා පාලනය කර ගැනීමට නොහැකි වීම හමුවේ සමාජ මාධ්‍ය සඳහා පැනවූ තහනම ඉවත් කිරීමට රජයට සිදුවිය.
අනතුරුව රජය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවත්වන ලෙසයි.
එහෙත් ඔවුන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලකළ අතර නේපාල අග්‍රාමාත්‍යවරයා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
එහෙත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා අවසන් වී ඇතිබවක් පෙනෙන්නට නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart