
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේදී විඳි පීඩාවන් නිසා රෝගාතුරවී සිටි මුතුරාජා හස්තියා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම, ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් විදෙස් ජනමාධ්‍යය වාර්තා කර ඇත.
‘ප්‍රංශ පුවත් සේවය’ මෙම පුවත වාර්තා කර ඇත්තේ, “නොසළකා හරින ලද අලියා ගුවනින් පැමිණ තායි මව්බිමට ස්පර්ශ කරයි” යනුවෙනි.
‘ඉන්ඩියා ටුඩේ’ එය වාර්තා කර ඇත්තේ “අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් චෝදනා මධ්‍යයේ තායිලන්තය ශ්‍රී ලංකාවෙන් ‘තෑගි’ දුන් අලියා රැගෙන එයි” ලෙසිනි.
ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් එම පුවත වාර්තා කර ඇත්තේ මෙසේය.
තායිලන්ත බලධාරීන් 2001 දී 29 හැවිරිදි මුතුරාජා හෙවත් සක් සූරින් ලෙසින් හැඳින්වෙන ඇතා ශ්‍රී ලංකාවට තෑගි කර ඇත. එහෙත් බෞද්ධ විහාරස්ථානයක රඳවා සිටියදී වධහිංසා පමුණුවා නොසළකා හරින ලද බවට එල්ල වූ චෝදනාවෙන් පසු ඔවුන් පසුගිය වසරේ අලියා නැවත ඉල්ලා සිටියේය.
කිලෝග්‍රෑම් 4,000 (රාත්තල් 8,800) බරැති මෙම ක්ෂීරපායී සත්වයා සවස 2 ට තායිලන්තයට පැමිණියේ විශේෂයෙන් ඉදිකරන ලද යෝධ වානේ කුඩුවක රඳවාය. එය ප්‍රවාහනය කරන ලද්දේ Ilyushin Il-76 රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ය.
තායිලන්ත පරිසර ඇමැති Varawut Silpa-archa ගුවන් තොටුපලේදී පැවසුවේ “ඔහු චියැං මායි වෙත පරිපූර්ණව පැමිණියා” යනුවෙනි.
“ඔහු පැය පහක් ගමන් කළ අතර කිසිවක් වැරදී නැත. ඔහුගේ තත්වය සාමාන්යයි.” අසල ඇති ස්වභාවික රක්ෂිතයක අලියා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
තායි බලධාරීන් පැවසුවේ ඩොලර් 700,000 ක් වැයකරමින් මෙම සත්වයා රැගෙන ආ බවයි.
පසුගිය වසරේ බෞද්ධ විහාරස්ථානයෙන් මුදාගන්නා අවස්ථාවේදී මුතුරාජා වේදනාවෙන් හා තුවාලවලින් වැසී සිටි බව සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය මධුෂා පෙරේරා AFP වෙත පැවසීය.
සත්ත්ව සුබසාධන කණ්ඩායම් පැවසුවේ, අලියාට දැව කපන කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීමට බලකර ඇති බවත්, එහි හසුරුවන්නා විසින් සිදු කළ බව කියනු ලබන තුවාල නොසළකා හැර ඇති බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart