
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් පිළිකා වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ පොලිසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
එම සංගමය පවසන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට ද තීරණය කර තිබෙන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි විශේෂඥ වෛද්‍යවරයා සිය විශ්‍රාම යෑමේ ලිපිය මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී ඇත.
61 හැවිරිදි මෙම විශේෂඥ වෛද්‍යවරයා පසුගිය 17 වැනි දින රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් සිදුකරන ලද සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා එම පිරිස සමඟ බහින්බස්වීමකින් අනතුරුව මෙම සිද්ධිය සිදුව ඇති බවට වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart