
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටි ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරක් මත නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ එක්දින ධීවර යාත්‍රාවකි.
අත්අඩංගුවට ගත් යාත්‍රා, මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ගාලු වරායට රැගෙන ඒමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart