
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (20) උදෑසන නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් නවදෙනකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් එක්දහස් තුන්සිය අසූහතරක (1384) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් තාල්වුපාඩු නාවික අනුඛණ්ඩයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණ නාවිකයන් මෙම මෙහෙයුම සිදුකර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් අවුරුදු 25 ත් 47ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති ලද අතර, එම සැකකරුවන් නවදෙනා, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා තුන සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart