January 5, 2026

එක්සත් ජාතික පක්ෂයේ උපසභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්වීම් ලිපිය හිටපු අමාත්‍ය දිසානායක වෙත යොමුකර ඇත.

ඒ අනුව, පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ඇත.