
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ (NPP) විධායක සාමාජිකයන් පිරිසක් සාකච්ඡාවක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් හමුව ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර ඇත්තේ, මෙම හමුව ඊයේ (18) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, NPP ආර්ථික සභාවේ විධායක සභිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ NPP විධායක කමිටු සභික මුදිත නානායක්කාර යන අය මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ඔහු පවසයි.
මෙම සාකච්ඡාවට සමගාමීව, IMF හි නේවාසික නියෝජිත සරවත් ජහාන් සහ මානවී අබේවික්‍රම යන (IMF කාර්ය මණ්ඩලය) සහභාගීව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart