
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිදුකර ඇති ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශයක් ලෙස ගත නොහැකි බව කොළඹ අංක 04 දරන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද(05) පෙන්වාදුන්නේය.
එසේම ICCPR පනත මෙරටට හඳුන්වාදුන් අරමුණින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් (ICCPR) පනතේ 3(1) යටතේ වරදක් සංස්ථාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදාගැනීම සුදුසු වන බවද මහාධිකරණ විනිසුරුවරයා නතාෂා එදිරිසූරියට ඇප ලබාදෙමින් සඳහන් කළේය.
බෞද්ධාගමට අපහාසයක් සිදුකරන ලදැයි පවසමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සති 05කට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි නතාෂා එදිරිසූරියට ඇප නියම කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳි මෙම පෙන්වාදීම සිදුකළේය.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිඥ ප්‍රබෝධ රත්නායක සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.
“ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මැතිතුමා අද නටාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සළකා බලමින් සිදුකළ ප්‍රකාශය ගරු අධිකරණය පිළිබද අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි. විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රෝහිත බොගොල්ලාගම පාර්ලිමෙන්තුවේ සිදුකළ ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරණ විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්ථදායකය මගින් ලංකාවට හඳුන්වාදුන් අරමුණින් බැහැරව අද එය ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.
ඒ වගේම ICCPR පනතේ 3(1) යටතේ වරදක් සංස්ථාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වාදුන් රබාත් ක්‍රියාකාරී සැලැස්ම යොදාගැනීම සුදුසුවන බවත් ඒ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවත් ගරු විනිසුරුතුමා සිය තීන්දුව ප්‍රකාශ කරමින් තවදුරටත් පවසා සිටියා.
මෙම මහාධිකරණ තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලැක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart