
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ගේ මුත්‍රා සහ දහදිය පානීය ජලය බවට ප්‍රතිචක්‍රීකරණය කර සියයට 98ක ජල අනුපාතයක් ලබාගැනීමට නාසා ආයතනය සමත්ව තිබේ.
මෙම ක්‍රියාවලිය අනාගතයේදී දිගු අන්තර් ග්‍රහලෝක මෙහෙයුම් සඳහා විශාල ප්‍රයෝජනයක් වනු ඇතැයි නාසා ආයතනය පවසයි.
අභ්‍යවකාශයේ දී තවදුරටත් භාවිතය සඳහා ආහාර, වාතය සහ ජලය වැනි පරිභෝජන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරගත් Environment Control and Life Support Systems (ECLSS) වැඩසටහනේ කොටසක් ලෙස මෙම පර්යේෂණය නාසා විසින් සිදුකර ඇත.
දිගු ගමනක් ආරම්භයේදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිත ආධාරක පද්ධතියට මෙම සියයට 98කට ආසන්න ප්‍රමාණයක් වන ජලය ඉතා මැනවින් සුදුසුවන බව නාසා ආයතනය සඳහන් කරයි.
එයට හේතුව වන්නේ, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ටම ආහාර පාන සැකසීම සහ සනීපාරක්ෂාව සඳහා භාවිතයට සෑම දිනකම ජල ගැලුමක් පමණ අවශ්‍ය වන බැවිනි.
ECLSS යනු ජල ප්‍රතිසාධන පද්ධතියක ඇතුළත් දෘඩාංගවල එකතුවක් වන අතර, මෙම පද්ධතිය අපජලය එකතු කර පානීය ජලය නිපදවන water processor assembly (WPA) වෙත යොමුකරනු ලබයි.
එහි එක් විශේෂිත සංරචකයක් විසින් කාර්ය මණ්ඩලයේ හුස්ම සහ දහඩිය මගින් මැදිරියේ වාතයට මුදාහරින තෙතමනය ග්‍රහණය කර ගැනීම සිදුකරනු ලබයි.
තවත් උප පද්ධතියක් වන Urine Processor Assembly (UPA) විසින් මුත්‍රාවලින් ජලය ලබාගනු ලබන බවද නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart