
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (18) දින පොලිසිය විසින් නාරම්මල ප්‍රදේශයේදී සිදුකරන ලද වෙඩි තැබීමේදී, ලොරි රථයක රියදුරුට වෙඩිතබා ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියකු විසින් බව ඇසින් දුටු සාක්ෂිකරුවකු ප්‍රකාශ කර තිබේ.
සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ලොරි රථය පසුපස හඹාගොස්, එම වෙඩිතැබීම සිදුකළ බව හෙතෙම පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බව හදුනාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පසු නාරම්මල – දම්පැලැස්ස ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති වූ බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, පරීක්‍ෂණයක් සඳහා රථය නැවැත්වීමට ලබාදුන් පොලිස් උපදෙස් නොපිළිපැදීම නිසා වෙඩිතබා ඇති බවයි.
ඒ අනුව, වෙඩි තැබීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බවද හෙතෙම පැවැසීය.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා නාරම්මල පොලිසියට අනුයුක්තව සේවය කරන 59 හැවිරිදි අයෙකු වන අතර, ඔහු පොලිස් නිලධාරීන්ගේ අනපනත් හා භාවිතයන් උල්ලංඝනය කරමින් ක්‍රියාකර ඇති බවට අභ්‍යන්තර පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart