
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසයි.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කරණ ලද්දේ, පොදුජන පෙරමුණේ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මෙසේද පැවැසීය.
“සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. සිංහල, දමිල, මුස්ලිම් සහ බර්ගර් යන යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කළ යුතුයි. ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇඳුමක් ඇදීමටවත්, දමිල තරුණයෙක් වේට්ටිය ඇඳීමටවත්, සිංහල තරුණයෙක් සරම ඇඳීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුළින් රටේ ආර්ථික වර්ධනයට අදාළ ප්රතිලාභ ලඟා කරගන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart