
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර ඇත.
නීතිඥ සංඛ කරුණාරත්න හරහා ලියාපදිංචි තැපෑලෙන් යොමුකර ඇති මෙම එන්තරවාසියෙන් නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේදී පසුගියදා ජනමාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් තමාට අපහාසයක් සිදුව ඇති බවයි.
එහිද, නාමල් රාජපක්ෂ මෙරට මත්ද්‍රව්‍ය සැපැයුම් ජාලය පිටුපස සිටින පුද්ගලයකු බව හැඟෙන අයුරින් කරන ලද ප්‍රකාශයකින් තමාට අපහාසයක් සිදුව ඇති බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
තමාගේ ඡායාරුපයක්ද ප්‍රදර්ශනය කරමින් සිදුකළ එම ප්‍රකාශයෙන් තමාට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබාදෙන ලෙසද, එසේ නොමැති නම්, එම වන්දිය අයකරගැනීම වෙනුවෙන් නඩු පවරන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart