January 3, 2026

ජනාධිපතිවරයා හදිසියේ ඉල්ලා අස්වුවහොත් රට භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර පවසයි.

ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සිය පක්ෂය මේ වසරේදී ශක්තිමත් කරන බවයි.

නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් වත්මන් ජනාධිපතිවරයාට ද ඉල්ලා අස්වීමට සිදුවුවහොත් කිසිදු පැකිලීමකින් තොරව රට භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදමින් සිටින බව ඔහු පැවසුවේය.