
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ගේ මහජන විවාදය ඊයේ(07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, ‘සර්වජන බලය’ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහ දෙමළ පොදු අපේක්ෂක පී.ආරියනේදිරන් සජීවී ජනාධිපති විවාදයට සහභාගී වන බව තහවුරු කර තිබුණද නියමිත වෙලාවේදී සංවාදයට පැමිණ තිබුණේ දිලිත් ජයවීර පමණකි.
මෙහිදී අදහස් දැක්වූ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරකම (පැෆ්රල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජයවීරට පොරොන්දු වූ පරිදි රටේ ජනතාවට ගරු කරමින් විවාදයට පැමිණීම පිළිබඳව කෘතඥතාව පළකළේය.
අනෙකුත් අපේක්ෂකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සංවාදය විනාඩි 40ක් පමණ ප්‍රමාද කළද, ඒ කිසිවකු සංවාදයට පැමිණියේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart