
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර යෝජිත විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පත්කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ මහජන විවාදය පැවැත්වීමට සුදුසු කාලය මැයි මාසය ලෙස සමගි ජන බලවේගය යෝජනා කර ඇති බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්ශවයේ ආර්ථික සභා අතර විවාදයට මුලික වශයෙන් දිනයක් වෙන් කළ යුතු බවයි.
ඉන් අනතුරුව දේශපාලන පක්ෂ නායකයන් දෙපළ අතර විවාදය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශකර තිබේ.
ඉන් අනතුරුව විවාදය සඳහා අදාළ කාල රාමුව සහ වේදිකාව තෝරා ගතහැකි බවද ඔහු සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart