
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු කොරියාව සිය සොල්දාදුවන් 1,500 ක් රුසියාවට යවා ඇති බව දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධයට රහසිගත රාජ්‍යයේ මිලිටරි මැදිහත්වීමේ පළමු පියවර ලෙස මෙම පියවර විස්තර කරමිනි.
උතුරු කොරියාව මේ මාසයේදී රුසියානු නැව් හතකින් විශේෂ බලකා ප්‍රහාරකයන් ප්‍රවාහනය කළ බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය (NIS) ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙළිකරයි.
එම ඒකක උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පෞද්ගලිකව පරීක්ෂා කර ඇති බව ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.
විශාල රුසියානු ප්‍රවාහන ගුවන් යානා ද රුසියාවේ ව්ලැඩිවොස්ටොක් සහ උතුරු කොරියාවේ පියොංයැං අතර නිතර ගමන් කර ඇති බව එහි සඳහන් වේ.
රුසියාව සහ උතුරු කොරියාව අතර වර්ධනය වන සන්ධානය උතුරු කොරියානු හමුදා යුද්ධයට එක්වීමට හේතු වී ඇති බවට යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) විසින් නැවත නැවතත් කරන ලද අනතුරු ඇඟවීම් වලින් පසුව මෙම හෙළිදරව් කිරීම් සිදුවිය.
බ්‍රහස්පතින්දා බ්‍රසල්ස්හි පැවති නේටෝ සමුළුවකදී සෙලෙන්ස්කි වාර්තාකරුවන්ට පැවසුවේ “මා සතුව ඇති බුද්ධි තොරතුරු අනුව ඔවුන් සොල්දාදුවන්, විවිධ සොල්දාදුවන්, ගොඩබිම් හමුදාවන්, තාක්‍ෂණික පුද්ගලයන් 10,000ක් සූදානම් කරමින් සිටිති.” යනුවෙනි.
“උතුරු කොරියාවේ සොල්දාදුවන් 10,000ක් පමණ අපට විරුද්ධව සටන් කිරීමට (ආරම්භ කිරීමට) සූදානම් වෙමින් සිටින බව අපි දනිමු. මෙය ඇත්තෙන්ම හදිසි දෙයක්, මම ඒ ගැන එක්සත් ජනපදය සමඟ කතා කළා, මම ඒ ගැන සියලු නායකයන් සමඟ කතා කළා.” යයි යුක්රේන නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart