August 15, 2026

ඉන්දියාවට අයත් බවට සැකකෙරෙන ධීවර යාත්‍රාවක් අද (15) අලුයම හලාවත, ඉරණවිල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

සාමාන්‍යයෙන් අනතුරකට ලක්වන යාත්‍රා මුහුදු ගල්පරවල ගැටීම සිදුවුවද, මෙම යාත්‍රාව කිසිදු හානියකින් තොරව සුරක්ෂිතව වෙරළට ළඟා වී තිබීම විශේෂත්වයකි.

මේ හේතුවෙන් කිසියම් පිරිසක් මෙම යාත්‍රාවෙන් පැමිණ ගොඩබිමට ඇතුළු වී පළායන්නට ඇති බවට ප්‍රදේශවාසීන් අතර දැඩි සැකයක් මතුව ඇත.

සිදුවීම සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ යාත්‍රාව තම භාරයට ගෙන ඊට ආරක්ෂාව සපයා ඇති අතර, යාත්‍රාවේ පැමිණි පිරිස සහ එහි අරමුණ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.