September 11, 2025

දෙහි­වල හිල් වීදියේ නීති­ඥ­ව­රි­යක පදිංචි නිවෙ­සක් ඉදි­රි­පිට මිදු­ලෙහි වැටී සිට මිය­ගොස් තිබූ ජනමාධ්‍ය­වේ­දි­නි­ය­කගේ සැමි­යාගේ අබි­ර­හස් මර­ණය සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් විම­ර්ශ­න­යක් පවත්වා සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස ගල්කිස්ස අති­රේක මහේ­ස්ත්‍රාත් හේමාලි හාල්ප­න්දෙ­ණිය ඊයේ දින (10) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කරන ලදි.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පව­ත්වන ලද පශ්චාත් මරණ පරී­ක්ෂණ වාර්තා­වට අනුව මර­ණ­යට හේතුව මර­ණ­ක­රුගේ හිස ප්‍රදේ­ශ­යට මොට බල­යක් යෙදී­මෙන් හිසෙහි දකුණු පස ප්‍රදේ­ශයේ රුධිර වහ­නය වීමෙන් සිදුවූ මර­ණ­යක් බවට සඳ­හන්ව ඇති බැවින්, එම මර­ණ­යට අදා­ළව අප­රා­ධ­යක් සිදුව ඇති බවට පෙනීයන බවද අධි­ක­ර­ණ­යේදී කරුණු වාර්තා විය.

ජනමාධ්‍ය­වේ­දි­නි­යගේ සැමියා පසු­ගිය ජන­වාරි මස 3 වන දින දෙහි­වල හිල් වීදියේ නීති­ඥ­ව­රි­ය­කට අයත් නිවෙ­සෙහි මිදු­ලෙහි වැටී සිට ඇති අතර, රෝහ­ල්ගත කිරී­මෙන් අන­තු­රුව මියගොස් ඇත.

මේ සම්බ­න්ධ­යෙන් පොලී­සිය විසින් නීති­ඥ­ව­රි­යගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිල­ධා­රි­ව­ර­යකුගේ සාක්ෂි සට­හන් ලබා­ගෙන ඇති අතර, සාක්ෂි­ක­රු­වන්ගේ සාක්ෂි මඟින් මර­ණය සම්බ­න්ධව කිසිදු අප­රා­ධ­යක තොර­තු­රක් අනා­ව­ර­ණය නොවූ­වද මරණ පරී­ක්ෂණ වාර්තා­වට අනුව මෙය අප­රා­ධ­යක් බවට පෙනී යන බව අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය පැව­සු­වාය.

මර­ණ­කරු මියයෑමට පෙර එදින අදාළ නීති­ඥ­ව­රි­යගේ නිවෙස දෙසට යන ආකා­රය CCTV දර්ශ­න­වල සට­හන්ව තිබේ නම් ඔහු නිවෙස දෙස සිට නැවත මාර්ග­යට පැමිණි බවට එහි නිවැ­සි­යන් පව­සයි නම්, ඔහු පැමිණි බවට පැව­සෙන CCTV දර්ශන ලබාගෙන ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු නොකළේ මන්දැයි අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රි­න්ගෙන් විමසා ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදුකර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් මහේ­ස්ත්‍රා­ත්ව­රි­යට පවසා තිබේ.