
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පාලනය අස්ථාවර කිරීමට පකිස්තානය උත්සහ දරණ බවට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය චෝදනා කර තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පවසන්නේ ඇෆ්ගනිස්ථාන භූමිය තුළ ”අභිරහස් ව්‍යාපෘති” මෙහෙයවීමට පකිස්තානය උත්සාහ කරන බවයි.
ආර්ථික පීඩනය, දේශසීමා වසා දැමීම් සහ දේශපාලන උත්තේජනය භාවිතා කරමින් තලේබාන් පරිපාලනය අස්ථාවර කිරීමට පකිස්තානය උත්සහ කරමින් සිටින බවට ද මුත්තකී චෝදනා කළේය.
කාබුල්හි පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රධාන වෙළඳ මාර්ග වසා දැමීමෙන් පසු ඇෆ්ගනිස්ථානය තුළ නොසන්සුන්තාව පැතිරෙනු ඇතැයි පාකිස්තානය බලාපොරොත්තු වන බවයි.
පකිස්තානය එහි අසල්වැසියන් සියල්ලන් සමඟම දිගුකාලීන ආරවුල් ඇති බවත්, යථාර්ථවාදී නොවන සහ පිළිගත නොහැකි ආරක්ෂක ඉල්ලීම් ලෙස ඔහු විස්තර කළ දේ සමඟ කාබුල් වෙත බලපෑම් කිරීම අඛණ්ඩව සිදු කරගෙන යන බවත් මුත්තකි පැවසීය.
වසිරිස්තානි ගෝත්‍රික පවුල් දේශසීමාවෙන් ඉවතට ගෙන යාම සහ පසුගිය වසර හතර තුළ අතිරේක දේශසීමා හමුදා යෙදවීම ඇතුළු පකිස්ථාන ගැටළු විසඳීම සඳහා තලේබාන් සංවිධානය දැනටමත් පුළුල් පියවර ගෙන ඇති බව ද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart