
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිය එක්දින අන්තර්ජාතික ක්‍රිකට් දිවියට තිත තැබීමට තීරණය කර තිබේ.
ඔහු සිය සමුගැනීම සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.
“මම අද එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරනවා,” මුෂ්ෆිකර් සමාජ මාධ්‍යය තුළ සටහන් කර තිබේ.
“අපගේ ජයග්‍රහණ යම් මට්ටමකට සීමා වී තිබිය හැකි වුවද, එක් දෙයක් ස්ථිරයි: මම මගේ රට වෙනුවෙන් පිටියට පිවිසෙන සෑම විටම, මම මාගේ කැපවීම අවංකව 100% කට වඩා ලබාදුන්නා.” යනුවෙන් ද ඔහු පවසා ඇත.
මුෂ්ෆිකර් 2005 වසරේදී ඔහුගේ පළමු අන්තර්ජාතික තරඟයට සහභාගී වූ අතර ඔහු සිය එක්දින මංගල තරඟයට සහභාගී වූයේ 2006 වසරේදීය.
ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය ආරම්භයෙන් වසරකට පසු එනම් 2007 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ලකුණු 56 ක් රැස්කළ මුෂ්ෆිකර් නිසා බංග්ලාදේශයට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ඉන්දියාව පරාජයට පත්කිරීමට හැකි විය.
ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේදී තරග 274කට සහභාගී වී ශතක 9ක් සහ අර්ධ ශතක 49ක් සමඟින් එක්දින ලකුණු 7795ක් සම්පූර්ණ කර තිබේ.
“පසුගිය වසර 19 ක් තිස්සේ මට සහාය දුන් මගේ පවුලේ අයට, මිතුරන්ට සහ මගේ ප්‍රේක්ෂකයන්ට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart