
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සිලෝන් බෙවරේජස්(M/s Ceylon Beverage) සමාගමට ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයෙන් නොමිලේ ඉඩමක් ලබාදීම සම්බන්ධයෙන් හට ගත්ආනොදෝලනාත්මක තත්ත්වයෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවේ කතුවා හි සිදුකිරීමට නියමිතව තිබූ රුපියල් කෝටි 1,650 කට අධික ආයෝජනයකින් එම සමාගම ඉවත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ 2021 ජාතික අංශයේ කාර්මික ප්‍රතිපත්තිය යටතේ දිරිදීමනා කල් ඉකුත්වීම හේතුවෙන් සමාගම එම ආයෝජනය ඉවත් කරගෙන ඇතැයි පැවසේ.
ඉකුත් දා ජම්මු හා කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නීති සම්පාදකයන්, කතුවා හි මුරලිදරන්ගේ බීම සමාගම සඳහා අක්කර 26 ක ඉඩම් වෙන්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ”Awas Yojana” නිවාස යෝජනා ක්‍රමය යටතේ ප්‍රදේශවාසීන්ට නිවාස සඳහා ඉඩම් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක පිටස්තර පුද්ගලයන්ට ඉඩම් නොමිලේ ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි විපක්ෂය ප්‍රශ්න කර තිබේ.
ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාදායක සභික මොහොමඩ් යූසුෆ් තරිගාමි චෝදනා කර ඇත්තේ, එම ඉඩම් ගනුදෙනුව හරහා සම්මතයන් උල්ලංඝනය කර ඇති බවයි.
වාණිජ්‍ය අරමුණු සඳහා ඉඩම් සඳහා ඉල්ලුම් කරන ඕනෑම පුද්ගලයෙකුට නියම කර ඇති ප්‍රමිතීන්ට අනුව ඉඩම ලබාදිය යුතු බවටත්, එම වෙන්කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයාගේ සමාගමින් කිසිදු මුදලක් අයකර නොමැති බවටත් ඔහු චෝදනා කළේය.
කෙසේවෙතත්, නිල වාර්තා පෙන්නුම් කරන්නේ, මුරලිදරන්ට අයත් M/s Ceylon Beverage Can Pvt සමාගම පිහිටුවීම සඳහා වාර්ෂිකව රුපියල් 60,000 ක බදුදීමක් සහිතව, ඉඩම අක්කරයකට රුපියල් ලක්ෂ 64 බැගින් ලබා දී ඇති බව සහ එම සමාගම චෙන්නායි හි ලියාපදිංචි වී දැනටමත් මයිසූර්හි ඒකකයක් ක්‍රියාත්මක කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart