
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට එල්ලවී ඇති ජීවිත තර්ජන සහ දැඩි මානසික ආතතිය හේතුවෙන් තමා දරන විනිසුරු ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත.
එම ලිපියට අනුව ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම තර්ජන සහ බලපෑම් ප්‍රධාන වශයෙන් පැන නගින්නේ ඔහු මතභේදාත්මක කුරුන්තිමලේ පුරාවිද්‍යා ස්ථාන නඩුවලට සම්බන්ධ වීම නිසා බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart