
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණි නගරයේ පෙරේදා (06) අවසන්වූ ‘එක්සත් ලෝක විවාහක රූ රැජින – 2023’ (Mrs Unity World – 2023) තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම් එහිදී ‘සිරියාවන්තම ලෝක එක්සත් විවාහක රූ රැජිණ’ කිරුළ හිමිකර ගැනීමට සමත් වී ඇත.
එයට අමතරව ඇය එහිදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානයද හිමිකරගෙන තිබේ.
රෝහිණි නගරයේ ක්‍රවුන් ප්ලාසා හි පැවැති මෙම තරගාවලියට රටවල් 23ක විවාහක රූ රැජිණියන් 23 දෙනෙක් සහභාගී වූහ.
සම්මානය හිමකරගෙන යළි මවුබිමට පැමිණි ඇය මෙසේ පවසා ඇත.
”ඇත්තෙන්ම ලොකු සතුටක් තියෙනවා. ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දෙන්න මට පුළුවන් වීම ගැන සතුටුයි. ලංකාවෙන් මට කිසිම සහයෝගක් ලැබුණේ නෑ. කිසිම අයෙක්ගේ අනුග්‍රහයක් නෑ. මගේ මුදල් වියදම් කර මම තනියෙන් මේ ගමන ගිහින් මගේ රටට ගෞරවයක් ගෙන දුන්නා. ඒ කිරුළ ලංකාවටයි. හරිම සතුටින් හැමෝම එක්ක සුහදව කටයුතු කළේ. ඉන්දියාවේදී අපට හොඳ සැලකුම් ලැබුණා. මගේ ජාතික අධ්‍යක්ෂවරයා වන ඉන්දීය ජාතික අමිත් කුමාර් මහතාට ස්තූතිය පුදකළ යුතුමයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart