
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත්තේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිෂන් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ලබාදී ඇති සතියක කාලය ඒ සදහා ප්‍රමාණවත් නොවන බවයි.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදා වන බැවින් එය අභියෝගයට ලක්කිරීමට සති දෙකක කාලයක් අවශ්‍ය බවත්, ආණ්ඩුව එම තත්ත්වය අවහිර කිරීමට මෙමගින් උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
මෙම පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම්, ඒ සදහා 03 වැනිදා සිට 14 වැනිදා තෙක් කාලය හිමි වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
මෙම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට දින 14 ක කාලයක් ලබාදීම අනිවාර්ය සම්ප්‍රදාය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart