
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දොඩංගොඩ, ගැටගහහේන – නාහින්න මාර්ගයේ නාහින්න ප්‍රදේශයේදී යතුරුපැදියක් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ගැටගහහේන දෙස සිට නාහින්න දෙසට ඊයේ (6) රාත්‍රියේ ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු නාගොඩ සහ විල්පත රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි සහ 42 හැවිරිදි නාහින්න සහ නෑබොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart