July 13, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් තිබේ.

ඇය මේ මස 11 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව වාර්තා විය.

ඉෂාර සෙව්වන්දිගේ මව සහ සහෝදරයා යන දෙදෙනාම ඝාතනයට ආධාර කිරීම සහ අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර නීතිමය කටයුතු සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් තවමත් නිදැල්ලේ සිටින ඉෂාරා සෙව්වන්දි සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ දිගටම කරගෙන යයි.