
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටලන්ද සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිදීමට තවත් සාක්ෂිකරුවන් සිටින බව පවසමින්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ සාක්ෂි ඉදිරිපත් කළහොත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් නොව සිද්ධියට සම්බන්ධ අනෙක් අයටද නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි.
අද උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී ජාතික ජන බලවේගයේ නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ, බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ මෑතකදී කළ ප්රකාශයේදී පවා රනිල් වික්‍රමසිංහ තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප නොකළ බවයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය සමයේදී බටලන්ද කොමිසම පත්කරන ලද බව ඔහු පැවසීය.
කඳවුරේ වධහිංසාවට ලක් වූ බොහෝදෙනෙක්, සාක්ෂිකරුවන් සහ පොලිස් නිලධාරීන් පවා කොමිෂන් වාර්තාවේ සාක්ෂිකරුවන් හැර සාක්ෂි දීමට සූදානම් බව ටිල්වින් සිල්වා පැවැසීය.
විවිධ විවේචන තිබියදීත්, බටලන්ද සිද්ධියට එරෙහිව රජය පියවර ගන්නා බව ඔහු පැවසීය.
“චෝදනා වර්ග දෙකක් තිනාවා. මේක මඩ ප්රචාරක ව්‍යාපාරයක් බව රනිල් පාර්ශවය චෝදනා කරනවා. අනෙක් පාර්ශවය කියන්නේ රජය රනිල්ට දඬුවම් නොකරන බව. අපි මඩ ගැසීම හෝ පළිගැනීම සිදුකරන්නේ නෑ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා පමණයි,” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart