
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට විවිධ අවස්ථාවල ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 25 දෙනකු පමණ අද(20) අත්සන් තබා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, අනුර ප්‍රියදර්ශන යාපා යන අය යෝජනාවට අත්සන් කළ ආණ්ඩුවට පක්ෂ මන්ත්‍රීවරු අතර වූහ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන් ද තම පක්ෂය වෙනුවෙන් යෝජනාවට අත්සන් තබා ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ද යෝජනාවට සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම යෝජනාවට පළමුව අත්සන් තබා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි, රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල සහ හේෂා විත්නගේ යන පිරිසයි.
ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසන්නේ, යෝජනාව සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය තවමත් තීරණය කර නොමැති බවයි.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම ද යෝජනාවට සහාය දැක්වීමට අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart