
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සතියේ රටේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්මට ණයහිමියන්ගේ අනුමැතිය ලැබීමෙන් පසුව ප්‍රමුඛ ගෝලීය ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන මූඩීස් රේටින්ග්ස් (Moody’s Ratings) විසින් අද ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ‘Ca’ සිට ‘Caa1’ දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව උසස් කරන ලදී.
නිවේදනයක් නිකුත් කරමින් මූඩීස් රේටින්ග්ස් පැවසුවේ, ශ්‍රේණිගත කිරීම Caa1 වෙත ඉහළ නැංවීමේ තීරණයට හේතුවූයේ, පෞද්ගලික අංශයේ ණයහිමියන් සතු ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නිගමනය වන අතර, එමඟින් නව සහ අනාගත බැඳුම්කර නිකුත් කිරීම් සඳහා පැහැර හැරීමේ අවදානම අඩුවන බවයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ඇති කැමැත්ත සහ හැකියාව ශ්‍රී ලංකාවේ පාලනය විසින් පිළිබිඹු කර ඇති අතර ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට එයද බලපා ඇත.
මීට දින කිහිපයකට පෙර ගෝලීය ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් තවෙකක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය විසින්ද ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගතකරණය ඉහළට ඔසවා තැබීය.
ගෝලීය ණය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතනවල එම ඉහළ ශ්‍රේණිගතකරණය කිරීම ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු බවට කෙරුණු සංඥාව බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart