
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හලාවත සුපිරි වෙළෙඳසැලක් තුළදී බෞද්ධ භික්ෂුවකට පුද්ගලයකු පහර දෙන අයුරු මේ වන විට සමාජ මාධ්‍ය දැඩි ලෙස කතාබහට ලක් වෙමින් තිබේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කරවිටාගරේ ධම්මකිත්ති නමැති හිමිනමක් වන අතර, මේ හිමිනම හලාවත කරවිටාගාර විහාරස්ථානයේ හා ඉතාලියේ විහාරස්ථානයක වාසය කරති.
පසුගිය 21 වැනි දින පස්වරු 02ට පමණ මේ පහරදීම සිදුව ඇති බව මේ හිමිනම හලාවත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මේ පහරදීම සිදුකරන පුද්ගලයා මේ හිමිනමගේ ගමන් මල්ල පැහැරගෙන යන අයුරු ද කෑමරාවල සටහන්ව ඇත.
මේ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ 48ක වටිනාකම ඇති යූරෝ මුදල් නෝට්ටු හා ශ්‍රී ලංකා රුපියල් තිබූ බවට පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
මේ මුදල් රැගෙනවිත් ඇත්තේ ඉතාලියට යැවීම සඳහා කිසියම් පුද්ගලයකුට ලබාදීමට බව ද වාර්තා වේ.
මේ හිමිනම පසුගිය 23 වැනි දින නැවත ඉතාලියට යෑමට නියමිතව තිබී ඇත.
හිමිනමට පසුගිය කාලයේ දිගින් දිගටම කාන්තාවකගෙන් බලපෑම් තිබූ බවට ද තොරතුරු ලැබී තිබේ.
මේ පහරදීම හා මංකොල්ලකෑම පිටුපස එම සිදුවීම පවතී යැයි පොලිසිය සැක කරයි.
හලාවත මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart