November 18, 2025

ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අද ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත විය.

පොලිස් ප්‍රතිචාරය දැඩි ලෙස හෙළා දුටු ඥානසාර භික්ෂුව, නිලධාරීන් බෞද්ධ ප්‍රජාවට සහ පන්සලේ කටයුතුවලට අගෞරව වන ආකාරයෙන් ක්‍රියාකර ඇති බවට චෝදනා කළේය.