
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඩු වැටුප් සහ අනෙකුත් ගැටළු වලට රජයට විසඳුම් ඉල්ලා ගොවීන්ගේ විරෝධතා මධ්‍යයේ දේශගුණ ක්‍රියාකාරීන් දෙදෙනෙකු පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ සුප්‍රකට මොනාලිසා චිත්‍රය වෙත සුප් විසි කර තිරසාර ආහාර පද්ධතියක් වෙනුවෙන් සටන් පාඨ කියමින් කෑ ගසා ඇත.
කෙසේවෙතත් මෙම සුප් ප්‍රහාරයෙන් ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් 16 වැනි ශතවර්ෂයේ අඳින ලද සිතුවමට හානියක් නොවීය.
සමාජ මාධ්‍යවල පළ කර ඇති වීඩියෝවක පෙනෙන ආකාරයට, ‘Riposte Alimentaire’ (ආහාර ප්‍රතිචාරය) යනුවෙන් සිය ටී-ෂර්ට්වල ලියා ඇති කාන්තාවන් දෙදෙනකු තම ලොව ප්‍රසිද්ධම චිත්‍රය වෙත සුප් විසි කරන ආකාරය සහ ආරක්ෂක බාධකය පසුකරමින් සිතුවමට සමීපවන ආකාරය දැකගත හැකිය.
“වැදගත්ම දේ කුමක්ද? කලාව, හෝ සෞඛ්ය සම්පන්න සහ තිරසාර ආහාර සඳහා අයිතියද?” ඔවුහු එහිදී කෑ ගැසූහ.
“අපේ ගොවිතැන් ක්‍රමය දුර්වලයි. අපේ ගොවීන් රැකියාවේදී මිය යමින් සිටිනවා, ”යැයි ඔවුහු වැඩිදුරටත් පැවැසීය.
එහිදී කෞතුකාගාර සේවකයන් මොනාලිසා ඉදිරිපිට කළු පුවරු දමා කාමරයෙන් ඉවත් වන ලෙස අමුත්තන්ගෙන් ඉල්ලා සිටිනු දැකගත හැකිවිය.
සිය වෙබ් අඩවියේ, “Food Riposte” කණ්ඩායම ප්‍රංශ රජය සිය දේශගුණික බැඳීම් කඩ කරමින් සිටින බවත්, ගොවීන්ට හොඳ ආහාරයක් ලබාදෙමින් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා මිනිසුන්ට වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම සඳහා ප්‍රංශයේ රාජ්‍ය අනුග්‍රහය ලබන සෞඛ්‍ය සේවා පද්ධතියට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart