
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු හා අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් (Mohammed bin Salman bin Abdulaziz Al Saud) අතර සාකච්ඡා පවත්වා තිබේ.
අනාගතය සඳහා ඉදිරි දැක්මක් සහිත ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව දෙරටේ නායකයින් අවධානය යොමුකර ඇත.
එසේම, ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය, සිවිල් ජීවිත අහිමිවීම් සහ බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සකච්ඡා කර තිබේ.
අගමැති මෝදි ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ දිගුකාලීන සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කළ අතර පීඩාවටපත් ජනතාව සඳහා අඛණ්ඩව මානුෂීය ආධාර ලබාදෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා ඇත.
කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමට ඔවුන් සමග අගමැතිවරයා එකඟ වී ඇති බවටද වාර්තා වේ.
තවද, සමුද්‍රීය ආරක්ෂාව හා නාවික ගමනාගමනයේ නිදහස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබදවද මෙහිදී අවධානය යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart