
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩුගන්නාව, අලගල්ල කන්දේ පාගමනින් යමින් සිටියදී අතුරුදන් වූ බව කියන 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත.
පසුගිය සඳුදා (ජූලි 10) පාගමනක් යමින් සිටියදී මෙම කාන්තාව අතුරුදන්වීමත් සමඟ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඊයේ (13) සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම කාන්තාව කන්ද තරණය කිරීමේදී පහළට ඇදවැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ජූනි 26 වැනිදා මෙරටට පැමිණි ඇය තනිවම සංචාරය කරමින් සිට ඇති අතර, ජුලි 10 වැනිදා මහනුවර බැක්පැකර්ස් නේවාසිකාගාරයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇය පාගමනක් යන බව නේවාසිකාගාරයේ කළමනාකාරීත්වයට සඳහන් කර ඇති අතර, පසුගිය අඟහරුවාදා (11) රාත්‍රියේ නේවාසිකාගාරයට නොපැමිණීමේදී කළමනාකාරිත්වය ඇය අතුරුදන්වීම පිළිබඳව මහනුවර පොලිසියට දන්වා ඇත.
මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart