
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 මිස් යූනිවර්ස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි ලිහාෂා ලින්ඩ්සේ-වයිට් ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවර කුලී රථයකින් ගමන් කරමින් සිටියදී අස්ථානගත වූ ඇගේ කිරුළ යළි හමුවී ඇතැයි වාර්තා වේ.
පතුම්වාන් දිස්ත්‍රික්කයේ සියම් සෙන්ටර් පොයින්ට් අසල කුලී රථයක ඇය එම කිරුළ සහ තද කොළ පැහැති ඇඳුමක් දමාගොස් තිබූ අතර, ඇය පසුව ඒ පිළිබඳ තායිලන්තයේ 1155 සංචාරක සේවා මධ්‍යස්ථානයට වාර්තා කර තිබේ.
තායි සංචාරක පොලිසිය ඒ සඳහා ඇයට සහය වී ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ නිලධාරීන්ට කුලී රථය සහ එහි රියදුරු හඳුනාගෙන තිබේ.
අනතුරුව අදාළ රියදුරු සමඟ සම්බන්ධ වී ඇති අතර ඔහු අස්ථාන ගත වූ භාණ්ඩ ඔක්තෝබර් 20 වන දින බැංකොක් දකුණු සංචාරක පොලිස් ස්ථානයට ආපසු භාර දී ඇත.
“තායිලන්තය සංචාරකයින් ගැන සැබවින්ම සැලකිලිමත් වන පොලිස් නිලධාරීන් සිටින ආරක්ෂිත රටකි,” යනුවෙන් පවසන ලින්ඩ්සේ-වයිට් පෙන්වා දෙන්නේ තමන් ලද ධනාත්මක අත්දැකීම් ගෝලීය වශයෙන් බෙදා ගැනීමට සැලසුම් කරන බවයි.
27 හැවිරිදි ඇය මිස් යුනිවර්ස් තරඟයට සහභාගී වීම සඳහා මේවනවිට තායිලන්තයේ රැඳී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart