
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්ව රූ රැජිණ තරඟාවලියේ කූටප්‍රාප්තියේදී නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේ පැවැති රූ රැජිණ තරඟයේ පළමු අනුශූරතාව හිමිකර ගත්තේ තායිලන්තයේ Anntonia Porsild විසිනි.
රටවල් 84ක ජයග්‍රාහිකාවන් මෙවර විශ්ව රූ රැජිණ තරඟාවලිය සඳහා තරඟ කරනු ලැබූ අතර, නිරූපිකාවක් වන Halima Aden, “Queer Eye”හි තරුවක් වන Carson Kressley, ටික්ටෝක් ලපෑම්කාරිනී Avani Gregg සහ හිටපු විශ්ව රූ රැජින ජයග්‍රාහිකාවන් දෙදෙනකු වන Trinidad & Tobago හි Janelle Commissiong (Miss Universe 1977) සහ ප්‍රංශයේ Iris Mittenaere (Miss Universe 2016) විසින් විනිශ්චය සිදුකරන ලදී.
මූළික තරගයේ ප්‍රතිඵලවලින් පසුව අවසන් පූර්ව වටයේ තරගකාරියන් 20ක් ප්‍රකාශයට පත්කරන ලදී.
පිහිනුම් ඇඳුම් වටයෙන් පසුව, තරගය තරගකාරියන් 10ක් දක්වා අඩුවිය.
තරගයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු තරඟකාරිය වන නේපාල රූ රැජින මෙන්ම සිය පිහිනුම් ඇඳුම ලෙස බුර්කිනියක් තෝරාගත් පළමු තරඟකාරිය වන පාකිස්ථාන රූ රැජිනද සිටියාය.
සන්ද්‍යා ගවුම් තරග වටය නැවතත් තරඟකාරිනියන් ගණන අඩකින් අඩුකළේය.
උණුසුම් මාතෘකා ප්‍රශ්න සහ පිළිතුරු වට දෙකකින් පසුව කාන්තාවන් තිදෙනකු පමණක් අවසන් වටයට තරඟ වැදිණි.
ඒ පැලසියෝස්, පෝර්සිල්ඩ් සහ දෙවැනි අනුශූරිය වූ ඔස්ට්‍රේලියාවේ මොරයා විල්සන් යන තිදෙනායි.
අවසාන වටයේදී ජීවිතයේ දිනයක් ගතකිරීමට තෝරා ගන්නේ කවුරුන්ද යන්න විමසූ විට, පැලසියෝස් 18 වැනි සියවසේ බ්‍රිතාන්‍ය දාර්ශනිකයකු සහ ස්ත්‍රීවාදී මේරි වොල්ස්ටෝන්ක්රාෆ්ට් තෝරාගත් අතර, ඇය මායිම් බිඳ දමා “බොහෝ කාන්තාවන්ට අවස්ථාවක් ලබාදුන්” බව පැවසුවාය.
“අද කාන්තාවන් සඳහා සීමාවන් නොමැත,” ඇය පරිවර්තකයකු හරහා තවදුරටත් පැවසුවාය.
කොලොම්බියාවේ Camila Avella, සහ පෝර්ටෝ රිකාහි Karla Guilfú, පළමු පස්දෙනා අතරට පැමිණි අතර, හොඳම 10 දෙනාගේ තවත් සාමාජිකාවක් වන ස්පාඤ්ඤයේ Atheena Pérez, තරඟයේ Miss Congeniality ලෙස කිරුළු පැළඳුවාය.
මේ අනුව 2022 විශ්ව රූ රැජින වූ එක්සත් ජනපදයේ R’Bonney Gabrielගේ අනුප්‍රාප්තිකයා බවට ෂෙයිනිස් පැලසියෝස් පත්වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart