
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පෙරේදා (8) අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයකු ඇතුළුවීම නිසා එම වාට්ටුව තුළ මහත් කලබගෑනියක් ඇති වූ බව මීරිගම පොලිසිය පවසයි.
ඇගේ නූල් පොටක්වත් නොමැතිව ළමා වාට්ටුවට ඇතුළු වූ පුද්ගලයකු එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක නිදාගෙන සිටි ඇඳ මත වාඩි වී සිට ඇතැයි මිරිගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පවසා ඇත.
දැරිය අලුයම අවදි වී බලන විට තමා නිදාසිටි ඇඳ මත නිරුවතින් පුද්ගලයකු වාඩි වී සිටින අයුරු දැක මර හඬ දී කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ කෑ ගැසීමත් සමගම නිරුවත් පුද්ගලයා වාට්ටුවෙන් පළාගොස් ඇතැයිද, මේ හේතුව මත ළමා වාට්ටුව තුළ මහත් කලබගැනියක් ඇති වූ බවද පොලිසිය පවසයි.
රෝහල මගින් මේ බව මිරිගම පොලිසියට ඒ මොහොතේම දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර සිද්ධියට මුහුණ පෑ දැරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart