
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති හර්ෂ අබේවික්රමගේ ඉල්ලා අස්වීම, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ය යොමුකළ ලිපියකට සම්බන්ධ බවට කෙරෙන ප්‍රකාශ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති උපතිස්ස හිමියන් විසින් විශේෂ ගුවන්තොටුපළ ප්‍රවේශ බලපත්‍රයක් දීර්ඝ කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2025 දෙසැම්බර් 29 වැනි දින මහාබෝධි සංගමයේ නිල ලිපි ශීර්ෂයක් මත ඉදිරිපත් කරන ලද අදාළ ඉල්ලීම මගින්, 2025 දෙසැම්බර් 31 වැනි දින කල් ඉකුත් වූ බලපත්‍රයක් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.
අන්තර්ජාතික බෞද්ධ ප්‍රජාවට උපතිස්ස හිමියන්ගේ සිදුකළ දායකත්වය මත පදනම්ව ඉල්ලීම සලකා බැලීම සඳහා අමාත්‍යවරයාගේ නිර්දේශයක් සහිතව, එවකට ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති අබේවික්‍රම වෙත ලිපිය යොමු කර තිබිණි.
ඊට ප්‍රතිචාර වශයෙන්, විශේෂ අවසර ලබාදීමේදී පෙර අත්දැකීම් සැලකිල්ලට ගන්නා ලෙස, අමාත්‍යවරයාගේ උපදෙස් වලට යටත්ව, 2026 ජනවාරි 9 වැනි දින හර්ෂ අබේවික්‍රම කොන්දේසි සහිත අනුමත ලිපියක් නිකුත් කර තිබිණි.
අවසර පත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ හර්ෂ අබේවික්‍රම අතර කිසිදු මතභේදයක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
2026 ජනවාරි 21 වැනි දින අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වූ අතර, එම සාකච්ඡාවේදී ආයතනය තුළ ඉදිරි ව්‍යුහාත්මක වෙනස්කම් සාකච්ඡා කරන ලද බව අමාත්‍යාංශය පවසයි.
ඔහුගේ ඉල්ලා අස්වීම බලපත්‍ර ඉල්ලීමට සම්බන්ධ නොවන බවත්, එය ආයතන කළමනාකරණ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල කොටසක් බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart