
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබාගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට යොදාගන්නා පැළ මෙන්ම පටක රෝපණ ක්‍රමයට සකස් කරන ලද කෙසෙල් පැළ ද රෝපණය කරනු ලැබීය.
අප්‍රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීමට තේ පැළ මිලියනයක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.
ඉදිරි කාලයේ තමන්ට අවශ්‍ය එළවළු හෝ පළා වර්ග තම ගෙවත්තේම වගා කර ගැනීමට ඵල දරන කුමන හෝ පැළයක් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙස ඇමැති මහින්ද අමරවීර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මීට අමතරව 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ජය ශ්‍රී මහා බෝධිය උදෙසා පූජා කරන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart